අනුරාධපුර කලත්තෑව ප්‍රදේශයේ පිහිටි නිවසක ගෙවත්තේ ඇති පොල් ගසක, කඳ ප්‍රදේශයෙන් අසාමාන්‍ය ලෙස පොල් ගෙඩි හට ගැනීමේ පුවතක් වාර්තා වේ.
කලත්තෑව, මිහිඳු මාවතේ පදිංචි ඊබට් පෙරේරා මහතාගේ ඉඩමේ මෙම පොල් ගස පිහිටා තිබේ.මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය.
“නිවස පිටුපසින් මගේ ගෙවත්තේ පොල් වගා කර තිබෙනවා. ටික දවසකින් තමයි මම වත්ත පැත්තට ගියේ. එත කොට දැක්කා පොල් ගහේ කඳින් පොල් ගෙඩි මතු වෙලා තිබෙනවා.
තවදුරටත් එම පොල් ගස දිහා බලන කොට, ගසේ සෑම අතකින්ම පොල් මලක් පැමිණ, ගෙඩි හට ගෙන තිබෙන ආකාරය දකින්නට ලැබුණා.මේ පොල්ගහ හිටවලා දැන් අවුරුදු පහක් පමණ වෙනවා.
අනිත් ගස්වල එවැනි තත්ත්වයක් නැහැ.වත්තෙ තිබෙන මේ පොල් ගහේ විතරයි ඒ ආකාරයට පොල් ගෙඩි දක්නට ලැබෙන්නේ.”
මොට්ටපාල
02 years 09 months 21 days 13 hours 40 minutes 35 seconds agoමොංගල්ද අයියා නුඹට ඒ ගහේ අතු ගැලවීම ඉක්මනින් සිදුවෙනවා ඇති.එහෙම වුනාම ඔහොම වෙනවා කිසිම පුදුමයක් නැහැ මේවාට කොහෙන් හිනාවෙන්නද මන්දා
Reply