කොරෝනා වසංගතය පැතිර යාම පාලනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය අංශ විසින් විවිධ මාර්ගෝපදේශ නිකුත් කළත් අද (18දා) දිනයේදී තංගල්ල පරෙවි වැල්ල වෙරළ උද්‍යානයට විශාල සංචාරකයන් පිරිසක් පැමිණ සිටි ආකාරය දක්නට හැකිවිය.
පොහොය නිවාඩු දිනයේදී විශාල පිරිසක් තංගල්ල පරෙවි වැල්ල වෙරළ උද්‍යානයට පැමිණ සිටි අතර මොවුන් අතරින් බහුතරයක් නිවැරදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර නොතිබිණි.
වෙරළට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව උදෙසා යොදවා සිටින පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් සංචාරකයන් තැන තැන දමා යන මුහුණු ආවරණ එකතු කරන ආකාරයද දක්නට හැකිවිය.
අනීෂා මානගේ
janahitha
03 years 07 months 05 days 10 hours 50 minutes 48 seconds agolamayi sellam karanna epa meka bayanaka uvadurak
Reply