කෙසෙල් කඳ මැදින් හට ගත් අරුම පුදුම කෙසෙල් කැනක් තලවකැලේ, කොටගල, භාතියපුර ගෙවත්තක කෙසෙල් පඳුරක දක්නට ලැබෙන බව එම නිවැසියෝ පවසති.

සාමාන්‍ය ක්‍රමවේදයට අනුව කෙසෙල් ගසක කෙසෙල් කැන් හට ගන්නේ එහි මුදුනින් වුවත් මෙම කෙසෙල් ගසේ කෙසෙල් කැන හට ගෙන ඇත්තේ පොළොව මට්ටමේ සිට අඩි කීපයක් උසකින් කෙසෙල් කඳ මැදින්  බව ඔවුහු සඳහන් කරති.

ඉතාමත් සරුවට කෙසෙල් ඇවරි විශාල ප්‍රමාණයකින් සමන්විතව හැදී ඇති මෙම කෙසෙල් කැන හට ගෙන ඇති අයුරු දැක බලා ගැනීමට ප්‍රදේශයේ බොහෝ පිරිසක් පැමිණෙන බව එම නිවැසියෝ වැඩිදුරටත් පවසති.

 

0 comments

Leave a Reply

Post Comment