පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සිව් නිවුන් දරු උපතක් සිදුව තිබේ. කුරුණෑගල තෝරයාය අටමුනේ ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි මවක් එසේ සිව්නිවුන් දරු ප්‍රසූතියක් සිදු කොට තිබෙන අතර පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු දරුවෙකු එසේ ඇය විසින් බිහි කොට තිබේ.

දරුවන්ගේ මව පාසල් ගුරුවරියක් වන අතර පියා මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියකු වශයෙන් සේවය කරන අයෙක් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

එම සිව් නිවුන් දරුවන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නව ජන්ම ළදරු විශේෂ ප්‍රතිකාර ඒකකයේ තැබීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබේ .

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සම්පත් ඥානරත්න මහතා පවසා සිටියේ දරුවන්ගේ මව යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බවත් විනාඩි 10 ක පමණ කාල පරතරයක් අතරතුර සිසේරියන් සැත්කමක් මගින් දරුවන් පිටතට ගත් බවයි .

0 comments

Leave a Reply

Post Comment