ශ්‍රී ලංකාව තුළ - එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන් ද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේනික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මහජන අදහස් විමසීම සඳහා විශේෂ වැඩසටහනක් කාන්තන්කුඩිය ප්‍රදේශයේදී ඊයේ (දෙසැම්බර් 4) දින පැවැත්විණි.
 
එහිදී බද්රිය්යහ් ජුම්මා පල්ලියට එකතුවූ මුස්ලිම් ජනතාව විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් උණුසුම් ලෙස පිළිගන්නා ලදි.
 
මේ සඳහා එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සහ ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය ඇතුළු එහි සාමාජිකයන් වන මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, ජේෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානි වෑවල, අයියාම්පිල්ලෙයි දයානන්දරාජා යන මහත්වරු සහ යෝගේෂ්වරී පත්ගුණරාජා මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය.
 
 

1 comment

Demuni Uduwara

03 years 06 months 20 days 18 hours 32 minutes 05 seconds ago

Who incur these unnecessary expenses?

Reply

Leave a Reply

Post Comment