උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉඳිකළ ඩයරබා ජලාශය ජලය පුරවා විවෘතකිරීම ඉකුත් (13) වෙනිදා උදෑසන සිදුකෙරිණි.
උමාඔය බහුකාර්ය් සංවර්ධන ව්‍යපෘතියට ජලය සපයන ඩයරබා ජලාශයට පිවිසෙන මාර්ගය සහ ප්‍රධාන මෙහෙයුම් මැදිරිය වාරිමාර්ග සහ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා විසින් සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ ජලාශයට පිරිත් පැන් මුසුකර විවෘතකරන ලදි.
මෙම ව්‍යාපෘතිය යටතේ බණ්ඩාරවෙල ප්‍රදේශවාසීන්ට පානීය ජලය සහ කෘෂිකර්මයට අවශ්‍ය ජලය ලබාදෙන අතර උමාඔය හරහා අලිකොටේආර,කුඩාඔය ජලාශ වලට ජලය ලබාදී පහළ ඌව ප්‍රදේශයේ කුඩා වැව් 100 ජලයෙන් පුරවනු ලබයි.
ඒ තුළින් කුඹුරු අක්කර පහළොස්දහසකට යල මහ දෙකන්නයේ ජලය සැපයෙන අතර වැල්ලවාය කිරිඳිඔය මිටියාවත් වල පදිංචි පවුල් සඳහා පානීය ජලය ලබාදීමටද නියමිතය.
මෙහිදී කුඩාඔය ජලාශය මඟින් හඳපානාගල ජලාශයේ ජල ධාරිතාවයද වර්ධනය වේ. උමාඔය ව්‍යාපෘතිය තුළින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120 විදුලි ධාරිතාවක් එක්කෙරෙන අතර පවතින විදුලිබල අර්බුදයටද විශාල පිටුවහලක් වේ.
මෙම ව්‍යාපෘතිය 2008 වර්ෂයේදී ආරම්භ කෙරුණු අතර ඉරාන රජයේ “FARAB” ආයතනය ඉඳිකිරීම් සඳහා සහයෝගය ලබාදී ඇත.
මොණරාගල සුමනසිරි ගුණතිලක
ගජමිතුරෝ
01 years 10 months 04 hours 33 minutes 15 seconds agoමොකාද ඕකට නම තිව්වෙ කියලා කියන්න බැරිද ඇත්තටම මොකක්ද ඩයරබා කියන්නෙ .
Reply