ඇමෙරිකා එක්සත් ජනපදයේ සියැටෙල් වරායේ සිට කොළඹ වරාය බලා ගමන් ආරම්භ කල ඇමෙරිකානු  වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රී    ලංකා නාවික හමුදාව වෙත ලබාගත් පී 627 ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාව, ශාන්තිකර සාගරය සහ ඉන්දියානු සාගරය ඔස්සේ නාවික සැතපුම් 10656 ක් පමණ වූ (කිලෝමීටර් 19734 ක් පමණ)  දීර්ඝ මුහුදු ගමනකින් අනතුරුව අද (02දා) උදෑසන කොළඹ වරාය වෙත සේන්දු විය.  

කොළඹ වරාය වෙත සේන්දු වූ පී 627 නෞකාව පිළිගැනීමේ අවස්ථාව සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතාගේ ආරාධනයෙන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ශ්‍රී  ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලි චන්ග් , ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති, ලුතිනන්  ජෙනරාල් විකුම් ලියනගේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ යන මහත්ම මහත්මීන්  ඇතුළු ආරාධිතයන් පිරිසක් සහභාගී වූහ.

0 comments

Leave a Reply

Post Comment