ගම්පහ සාම මහා විහාරය මගින් ඊයේ (6දා) පවත්වන ලද පෙරහරේ ගමන්ගත් නිලමේවරයෙකු අලියා පිටෙන් බිමට ඇද වැටිණි.

පෙරහර ගම්පහ නගරයේ වීදි සංචාරය කෙරෙන අතරතුර දුම්රිය ස්ථානය අසලදී  මෙලෙස නිලමේවරයා බිමට වැටුනු අතර වහාම රෝහල්ගත කිරීමට පියවර ගනු ලැබීය. 

ඇතිවූ රෝග තත්ත්වයක් මත නිලමේවරයා බිමට වැටී ඇති බවත් මොහුගේ තත්ත්වය බරපතල නොවන බවත් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා කළ විමසීමකදී  සඳහන් කළේය.

තිලකරත්න දිසානායක

ඡායාරූප - නිලමේ අලියා පිටෙන් බිමට ඇද වැටෙන අයුරු

 

0 comments

Leave a Reply

Post Comment