අල්ලාගත් සැපින්නගේ සිරුරේ තිබූ ගෙඩිය පලා එයට බෙහෙත් දමා වනයට මුදා හැරීමට සර්පයින් අල්ලා වනයට මුදා හරින බලපිටිය හීනටියේ ඩබ්ලිව්.ඒ.ජැක්ෂන් මහතා කටයුතු කළේය.
නාගයින් සියදහස් ගනනක් අල්ලා වනයට මුදා හැර ඇති ජැක්ෂන් මහතා සිරුරේ ගෙඩියක් ඇති සැපින්නක් අල්ලා ඇත්තේ පළමුවරටය.
උගේ සිරුරේ තිබූ ගෙඩිය නොපලා ඊට පතිකාර නොකළ හොත් එම සැපින්න තවත් දින කිහිපයකින්ම මිය යාම අනිවාර්යයෙන්ම සිදුවෙන බව අවබෝධ කරගත් ජැක්ෂන් මහතා ඇල්පිටියේ තල්ගස්පේ නිවසකින් අල්ලා ගත් මේ සැපින්න බලපිටිය හීනටිය සිය නිවසට රැගෙනවිත් සැපින්නගේ සිරුරේ තිබූ ගෙඩිය පල එහි පිරී තැබූ සැරව ඉවත් කොට වනයට මුදා හැරීමට කටයුතු කළේය.
දේශීය වෙද හෙද කම පිළිබදව හා සර්ප වෙදකම පිළිබදව මනා දැනීමක් තිබීම නිසා මේ සැපින්නට අකාලයේ මිය යන්න නොදී ඌට තව දුරටත් ජීවිතය ලබා ලබා දීමට මෙසේ තමා කටයුතු කළ බව ජැක්ෂන් මහතා කීවේය.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත






Kumar
03 years 01 months 01 days 11 hours 28 minutes 51 seconds agoVishagora surpaya dakanara modeya kiyana eka boruwakda? Oya nayaa redda assay daaganna epa.
ReplyLGPJ
03 years 29 days 23 hours 03 minutes 54 seconds agoI wish longer life to him !!!
Reply