අපේ ඇත්තන් අසීමාන්තිකව අපිරිසිදු කළ අම්බලන්ගොඩ වෙරළ තීරය විදෙස් රටවල් වල තරුණ තරුණියන් පිරිසක් අද  (29දා) උදේ පිරිසිදු කිරීමට කටයුතු කළේය.

අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් පැවති වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනට සුදු තරුණ තරුණියන් නියම වෙලාවටත් කලින්  පැමිණ වෙරළ පිරිසිදු කිරීමේ ශ්‍රමදානයට එක්ව සිටියේය.

එය සංවිධානය කළ අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනෙකු ඇරෙන්නට බොහෝ පිරිසක් පමාද වී පැමිණීම විශේෂයෙන්ම කැපී පෙනුණි.

මෙරට ට විදෙස් තරුණ තරුණියන් ගෙන්වන අම්බලන්ගොඩ පොල්වත්තේ අෂික සෙනවිරත්න මහතා විසින් ගෙන්වන ලද විදෙස් තරුණ තරුණියන් පිරිසක් වෙරළ පිරිසිදු කිරීමේ ශමදානයට එක්වී සිටියේය.

0 comments

Leave a Reply

Post Comment