ඩකා, බංගලිදේශය (ඒපී) - ජපාන මූල්‍ය සහයෝගය යටතේ බංග්ලාදේශයේ ඩකා අගනුවර ඉදිවූ එරට පළමු සැහැල්ලු දුම්රිය සේවය බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා මහත්මිය විසින් විවෘත කරනු ලැබීය.

බදාදා දිනයේදී මෙම විවෘත කිරීම සිදුවූ අතර එය එම දුම්රිය ව්‍යාපෘතියේ පළමු අදියර වෙයි. බංග්ලාදේශයේ ජනාකීරණ නගරයක් වන ඩකා අගනුවර මාර්ග තදබදය අවම කිරීම ඇතුළු ප්‍රතිලාභ ගණනාවක් මේ හරහා බංග්ලදේශයට ලැබේ.

ජපානයේ ජයිකා ආයතනය මේ වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ලබා දුන්නේය.

මෙම සැහැල්ලු දුම්රිය සේවය 2030 වන විට දුම්රිය ස්ථාන 100කට වැඩි ප්‍රමාණයක් දක්වා වර්ධනය කිරීමට නියමිතය.

පළමු අදියර වෙනුවෙන් වැය කළ මුදල ඩොලර් බිලියන 2.8 කි.ඒ සඳහා JICA ආයතනය අරමුදල් ලබාදුන්නේය.

මේ යටතේ සෑම පැයකටම පුද්ගලයින් 60,000 කට සේවය ලබාදීමට අපේක්ෂා කරයි.

ජපානයේ ජයිකා ආයතනය මගින් ලබාදෙන සහන ණයක් යටතේ ශ්‍රී ලංකාවේ කොළඹ කේන්ද්‍ර කර ගනිමින් මෙවැනිම ආකාරයේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් පසුගිය යහපාලන රජය සමයේ ආරම්භ කළත් ගෝඨාභය රාජපක්ෂ රජය සමයේදී එය අත්හිටුවීමට කටයුතු කළේය.

2 comments

Dayan

02 years 05 months 27 days 09 hours 54 minutes 53 seconds ago

This is what we lost because of bringing in dumb Gotabhaya by our donkeys.Not only that a compensation of large some has to be paid on this dumb decision. He has left country. Do not come to our country again.

Reply

Kumar

02 years 05 months 27 days 09 hours 54 minutes 35 seconds ago

modayo rajakamata path karana lankawata Japanaya nawatha warak maywani deyak dunnoth pudumayak.

Reply

Leave a Reply

Post Comment