ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පවත්වා තිබේ. මෙහිදී නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීම පිළිබඳව සුබ පැතුම් එක්කිරීමට ගෝපාල් භගලේ මහතා කටයුතු කර තිබේ.

ශ්‍රී ලාංකික ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් හරහා දිවයිනේ ආර්ථික ප්‍රතිසාධනය සහ ස්ථාවරත්වය උදෙසා අඛණ්ඩ ඉන්දු - ශ්‍රී ලංකා සහයෝගීතාවය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වූ බව මහ කොමසාරිස් කාර්යාල පවසයි. 

0 comments

Leave a Reply

Post Comment