අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25දා) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී වැඩ භාරගත්තේය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙන්ම හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ,හිටපු රාජ්‍ය අමාත්‍යවරු වන සිසිර ජයකොඩි, අරුන්දික ප්‍රනාන්දු, ආචාර්ය සුරේන් රාඝවන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන යදාමිණි ගුණවර්ධන,  සාගර කාරියවසම්, ජගත් කුමාර, මංජුලා දිසානායක ආදි ජනතා නියෝජිතයෝ පිරිසක්ද එක්ව සිටියහ.

 

0 comments

Leave a Reply

Post Comment