අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයට අයත්  හොරිවිල ප්‍රදේශයේ අක්කර 1500 ක පමණ අති විශාල බඩ ඉරිගු වගාව සේනා දළඹු ප්‍රහාරයක් එල්ලවීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ගොවීහු පවසති.

විශාල බඩඉරිඟු වගාව ඇති හොරිවිල ඉරිඟු හේන් සියල්ලම මේ දිනවල දැඩි සේනා දළඹු ප්‍රහාරයකට ලක් වෙමින් තිබුණ ද මෙතෙක් කිසිදු වගකිව යුතු බලධාරියෙකු පැමිණීම සොයා බැලීමක් සිදු නොවන බවත් වෙළඳපලේ ඇති විවිධ කෘමි නාශක භාවිතා කළ ද මෙවර වගාවට හානි කරන සේනා දළඹු විශේෂය විනාශ නොවන බව හොරිවිල ගොවීන් පවසති.

 හොරිවිල බඩ ඉරිඟු ගොවින්  කියා සිටියේ බීජ සහ බිම් සැකසීම සඳහා විශාල මුදලක් වියදම් කර මෙවර සියලුම ගොවීන් බඩ ඉරිගු වගාව අක්කර 1500 ට වඩා සිදු කර තිබෙන බවය. මේ වන විට සියලුම ගස් සේනා ප්‍රහාරයට ලක්වෙමින් විනාශ වෙමින් යන බවත් දින කිහිපයක් ඇතුළත මෙම සේනා ප්‍රහරය වළක්වා   නොගතහොත් අක්කර 1500 ක බඩඉරිඟු අස්වැන්න රටට අහිමි වන බව ද ඔවුහු පෙන්වා දෙති.

0 comments

Leave a Reply

Post Comment