බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල අද (28දා) සිට Govpay හරහා ස්ථානීය දඩ අය කරගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
“අද දිනයේදී බස්නාහිර පළාතේ රථ වාහන පොලීසියේ පොලිස් නිලධාරීන් 1,000කට දුරකතන ලබා දෙන්න. ඒ අනුව පුළුවන්කම ලැබෙනවා බස්නාහිර පළාත තුළ මාර්ග වැරැද්දක් කළොත් ඒ වැරැද්දේ ප්‍රමාණයට අනුව ඡංගම දුරකතනය හරහා එවෙලෙම දඩය ගෙවන්න පුළුවන්. අධිවේගී මාර්ග වලටත් අද සිට පුළුවන්. ”
Leave a Reply