වසර 15 ක් තිස්සේ ඇපල් සමාගමේ ප්‍රධාන විධායක දුරය දරමින් සමාගමට නායකත්වය දුන්  ටිම් කුක් ඉල්ලා අස්වීමෙන් පසු ඔහු වෙනුවට ජෝන් ටර්නස් නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස නම් කර ඇත.

ඇපල් සමාගමේ වසර 25 ක් සේවය කළ දැනට දෘඩාංග ඉංජිනේරු අංශයේ ප්‍රධානියා වන ටර්නස් සැප්තැම්බර් 1 වන දින නව ධුරයේ  වැඩ භාර ගන්නා අතර කුක් විධායක සභාපති ධුරයට පත්වනු ඇත.

සම-නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් ඔහුගේ මරණයට ටික කලකට පෙර සෞඛ්‍ය හේතූන් මත ඉල්ලා අස්වීමෙන් පසු 2011 සිට කුක් ඇපල් හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරයි.

සංක්‍රාන්තිය සම්බන්ධයෙන් ටර්නස් සමඟ කටයුතු කිරීම සඳහා කුක් ගිම්හානය පුරාම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස රැඳී සිටින අතර ඉන් පසුව ඔහු "ලොව පුරා ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ සම්බන්ධ වීම ඇතුළුව සමාගමේ ඇතැම් අංශ සඳහා සහාය වනු ඇත".

2018 දී, ඇපල් සමාගම ඩොලර් ට්‍රිලියන 1 (£740bn) ක වටිනාකමක් ඇති පළමු පොදු සමාගම බවට පත්විය. 
දැන් එහි වටිනාකම ඩොලර් ට්‍රිලියන 4 කි.

0 comments

Leave a Reply

Post Comment