පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තීරණාත්මක තරගය අද (25) පැවැත්වෙයි.

රාවල්පිණ්ඩිහි දී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ රැදී සිටීමට නම් අනිවාර්යයෙන්ම ජයගත යුතු වෙයි. පාකිස්තානය මේ වන විට අවසන් මහ තරගයට සුදුසුකම් ලබා තිබේ.

මෙම තරගය ශ්‍රී සිම්බාබ්වේ කණ්ඩායම ජයගත හොත් ඔවුන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගන්නා අතර ශ්‍රී ලංකා කණ්ඩායම  තරගාවලියෙන් ඉවත්වෙයි.

 

0 comments

Leave a Reply

Post Comment