බංග්ලාදේශයේ හිටපු නායක ෂකීබ් අල් හසන් ටෙස්ට් සහ විස්සයි20 තරගවලින් විශ්‍රාම ගැනීෙම් වෙනස් කර ඇති අතර, ආකෘති තුනම ක්‍රීඩා කිරීමට තමා කැමති බව පවසා තිබේ. ෂකීබ් වසරකට වැඩි කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කර නොමැති අතර පසුගිය වසරේ ටෙස්ට් සහ විස්සයි20 තරගවලින් විශ්‍රාම ගැනීම නිවේදනය කළේය.

"මම නිල වශයෙන් සියලුම ආකෘතිවලින් විශ්‍රාම ගොස් නෑ," ඉරිදා පොඩ්කාස්ට් වැඩසටහනකදී පැවැසිය.  "මම එය හෙළි කරන පළමු අවස්ථාව මෙයයි. මගේ සැලැස්ම බංග්ලාදේශයට ආපසු ගොස්, එක්දින, ටෙස්ට් සහ විස්සයි20 සම්පූර්ණ මාලාවක් ක්‍රීඩා කර විශ්‍රාම යාමයි.

"මට සියලුම ආකෘතිවලින් විශ්‍රාම ගත හැකියි. එබැවින් එය විස්සයි20, එක්දින සහ ටෙස්ට් වලින් හෝ ටෙස්ට්, එක්දින, විස්සයි20 වලින් ආරම්භ විය හැකිය. කෙසේ වෙතත්, මම හොඳින්, නමුත් මට සම්පූර්ණ තරගාවලියක් ක්‍රීඩා කර විශ්‍රාම යාමට අවශ්‍යයි. මට අවශ්‍ය වන්නේ එයයි."

0 comments

Leave a Reply

Post Comment