ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මිලදී ගත් බංග්ලාදේශ ක්‍රීඩක මුස්ටෆිසූර් රහුමාන් කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් කොල්කටා කණ්ඩායමට දැනුම් දී තිබේ.

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පවතින දේශපාලන අර්බුද සහ බංග්ලාදේශයේ වර්තමානයේ පත්ව තිබෙන දේශපාලන අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

රහුමාන්ව පසුගියදා පැවති ක්‍රීඩක වෙන්දේසියේදී කොල්කටා කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 9.2කට මිලදී ගනු ලැබිණ.

කෙසේ වෙතත් මෙම තීරණයත් සමග බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත්තේ එළැඹෙන විසිසයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාවේදී ක්‍රීඩා කිරීමට නියමිත පළමු තරග තුන ක්‍රීඩා නොකිරීමටය.

මේ පිළිබඳව ඉදිරියේදී ලිකිතව දැනුම් දීමට එ​රට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

විස්සයි 20 ලොක කුසලාන තරගාවලිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පෙබරවාරි මාසයේදී ආරම්භ වීමට නියමිතය. 

0 comments

Leave a Reply

Post Comment