ස්වාධීන රාජ්‍යයක් ලෙස ඉන්දියාවේ මංගල ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පැළඳ සිටි කොළ පැහැති තොප්පිය, ගෝල්ඩ් කෝස්ට් වෙන්දේසියකදී නිර්නාමික ගැනුම්කරුවෙකු විසින් ඕස්ට්‍රේලියානු ඩොලර් 460,000 (ඇමරිකානු ඩොලර් 320,000) කට  මිලදී ගෙන ඇත.

1947-48 දී ඉන්දියාවට එරෙහිව තරගාවලියේදී බ්‍රැඩ්මන් මෙම තොප්පිය පැළඳ සිටි අතර, එය සඳුදා ක්වීන්ස්ලන්තයේ  ලොයිඩ්ස් වෙන්දේසි මගින් විකුණන ලදී.

මෙම තරගාවලිය ඔස්ට්‍රේලියාව 4-0 ක ලෙස ජය ගනු ලැබීය. තොප්පියේ ඇතුළත "ඩී.ජී. බ්‍රැඩ්මන්" සහ "එස්.ඩබ්ලිව්. සොහෝනි" යන නම් කොටා ඇති අතර, "1947-48" ඕස්ට්‍රේලියානු ලාංඡනයට යටින් එම්බ්‍රොයිඩර් කර ඇත. 

එය ක්‍රීඩකයින් එක් එක් තරගාවලිය සඳහා විවිධ තොප්පි පැළඳ සිටි යුගයක සිට දන්නා බ්‍රැඩ්මන්ගේ කොළ පැවැති හිස්වැසුම් 11 න් එකකි.බ්‍රැඩ්මන් 1928 දී ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පැළද සිටි තොප්පිය 2020 දී ඕස්ට්‍රේලියානු ඩොලර් 450,000 කට
 අලෙවි විය. 

0 comments

Leave a Reply

Post Comment