අයි.සී.සී. ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී පළමු ස්ථානයට පැමිණීමට එංගලන්තයේ ජෝ රූට් සමත්ව තිබේ.

එමෙන්ම නවසීලන්තයේ කේන් විලියම්සන් දෙවන ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉහළට පැමිණ ඇත.

මේ අතර, ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ද ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී  ඉදිරියට පැමිණ ඇත.

ඒ අනුව කමිඳු මෙන්ඩිස්  07 වැනි ස්ථානය දක්වා ස්ථාන ​ 2කින් ඉදිරියට පැමිණ ඇති අතර, පැතුම් නිස්සංක 18 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉහළට පැමිණ ඇත.

නායක ධනංජය ද සිල්වා ද එක් ස්ථානයකින් ඉහළට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට ශ්‍රේණිගත කිරීම් හී 25 වැනි ස්ථානයේ පසුවන්නේය.

0 comments

Leave a Reply

Post Comment