බංග්ලාදේශයට එරෙහි දෙවන විස්සයි 20 තරගය පරාජයේ වගකීම කණ්ඩායමක් ලෙස සියලු දෙනාටම පැවරෙන බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසීය.

තරගය අවසන් වීමෙන් පසු ඊයේ(13දා) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“මැද ඕවර්ස් වලදී බිනුර ඇවිල්ලා ආයෙමත් අපේ පැත්තට ගේම් එක ගත්තා කඩුලු 2ක් අරගෙන. හිතෙනවා අර චාන්සර්ස් දෙක යම්කිසි බලපෑමක් වුණා කියලා. කාටවත් දොස් කියන්න බෑ. කණ්ඩායමක් විදියට අපි හැමෝම වැරදියි. හොඳින් පන්දු යැව්වා. පන්දු යවන්නන්ට කිසි දෙයක් කියන්න බෑ. පන්දු යවන්නන්ට ගොඩක් හොඳ තණතීරුවක්. ”

0 comments

Leave a Reply

Post Comment