ශ්‍රී ලංකා ක්‍රිකට්ක පරිවර්තන කමිටුවේ සභාපති ලෙස සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත්කර තිබේ.

මෙහි සෙසු සාමාජිකයන් ලෙස රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, තුෂිර රදැල්ල, සිදත් වෙත්තමුනි, අවන්ති කොළඹගේ, ප්‍රකාශ් ෂාෆ්ටර්, උපුල් කුමාරප්පෙරුම හා ඩිනාල් පිලිප්ස් යන මහත්වරු පත්කර ඇත.

ඉරාන් වික්‍රමරත්න මහතා හිටපු පාසල් ක්‍රිකට් ක්‍රිඩකයෙක් වෙයි. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක් වෙන ඒ මහතා පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද දරා ඇත.

 

0 comments

Leave a Reply

Post Comment