ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක් පත්කර තිබේ. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරුවෙක්ද වන ආර්. ශ්‍රීධර් මෙසේ ක්‍රිකට් නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්කර තිබේ. එළැඹෙන විස්සයි20 ලෝක කුසලානය ඉලක්ක කර මෙම පත්කිරීම සිදුකර ඇති අතර ඔහුගේ ධුර කාලය දෙසැම්බර් 11 වැනිදා සිට ලබන වසරේ මාර්තු 10 තෙක් වලංගු වෙයි.

0 comments

Leave a Reply

Post Comment