UPDATE මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ තවත් පෙරළිකාර ජයක් වාර්තා කළ සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රි ලංකාව පරාජය කරමින් අපරාජිතය සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට සමත්විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 179ක ජයග්‍රාහී ඉලක්කය කඩුලු 4ක් පමණක් වැය කරමින් පන්දුවාර 19.3කදී ලකුණු 182ක් රැස්කරමින් ජය ගැනිමට සිම්බාබවේ කණ්ඩායම සමත්විය.


ලෝක කුසලාන තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම හා ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ලංකා කණ්ඩායම ලකුණු 178ක් රැස් කිරිමට සමත් විය. පැතුම් ලකුණු 62ක් රැස් කළ අතර පවන් රත්නායක වේගවත් ලකුණු 44ක් රැස් කළේය. ⁣කණ්ඩායම් දෙකම මේ වන විටත් සුපිරි අට දෙනා⁣ගේ වටයට පිවිස තිබේ.

0 comments

Leave a Reply

Post Comment