ආජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රීඩකයාට හිමි වාර්තාව සම කිරීමට ඊයේ සමත්විය. ඒ ආජන්ටිනාව හා ඇල්ජීරියාව අතර පැවැති තරගයේදී ආජන්ටිනාව  වෙනුවෙන් ගෝල තුනක් වාර්තා කරමිනි.

එම ගෝල ත්‍රිත්තවය සමගින් මෙසී ලෝක කුසලාන තරගවලදී ගෝල 16ක් වාර්තා කළ අතර එය ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ප්‍රමාණයක් රැස් කරමින් ජර්මනියේ මිරෝස්ලව් ක්ලෝස් පිහිටුවා තිබූ වාර්තාව සමකිරීමක් විය. ඒ අනුව මෙසීට මෙවර ලෝක කුසලාන තරගාවලියේදී මිරෝස්ලව්ගේ වාර්තාව අභිභවා යාමට වැඩි අවස්ථාවක් තිබේ.

තරගයේ 17, 60 හා 76 වැනි විනාඩිවලදී මෙසී ගෝල වාර්තා කළ අතර එය ඔහු ලෝක කුසාලන තරගවලදි වාර්තා කළ ප්‍රථම ගෝල ත්‍රිත්වය වෙයි. තරගය 3-0ක් ලෙස ආජන්ටිනාව ජය ගත්තේය.

0 comments

Leave a Reply

Post Comment