පැතුම් නිස්සංක සම්බන්ධයෙන් පසුගියදා නව තේරීම් කමිටු පත් කිරීමෙන් පසු පැවැත් වූ මාධ්‍ය හමුවේදී ඔවුන් දැක් වූ අදහස් පිළිබඳ තමා කලකිරීමට පත්ව සිටින බව  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  හිටුපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සඳහන් කර තිබේ.

2021 වසරේ දී කැරිබියානු තරග සංචාරයට පැතුම් නිස්සංක ඇතුළත් කිරීමට, එවක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් අකමැති වූ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කළ ප්‍රකාශය ද  මිකී ආතර් විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ඒෂියා ස්පෝර්ට්ස් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී ඔහු ​ එහ ප්‍රකාශය කර තිබේ.

එහිදී වැඩිදුරටත්,

 "පැතුම්ගේ සාර්ථකත්වයට මට කිසිදු ගෞරවයක් අවශ්‍ය නැහැ. එය සම්පූර්ණයෙන්ම ඔහුගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට අයත් එකක්. ඔහුගේ දක්ෂතාව නොසලකා හැරිය නොහැකි නිසා මම ඔහුට අවස්ථාවක් ලබා දුන්නා."

යනුවෙන් ප්‍රකාශ කර තිබේ.

0 comments

Leave a Reply

Post Comment