සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පසවන හා අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය සඳහා වන තරගය අද (04දා) පැවැත්වේ.
සිව්වන දිනය සඳහා තරගය නතර කරන විට ජයග්රාහී ලකුණු 374ක ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිමට පන්දුවාර 76යි පන්දු 2ක් අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 339ක් ලබා සිටියේය.
ඒ අනුව තරගය ජය ගැනීමට නම් එංගලන්ත කණ්ඩායම තවත් ලකුණු 35ක් රැස් කරගත යුතු අතර, ඉන්දීය කණ්ඩායම තරගය ජයග්රහනය කිරීමට නම් තවත් කඩුලු 4ක් අද දිනයේදී දවා ගත යුතුවේ.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 224ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ඉනිම එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 247ක් රැස් කළේය.
අනතුරුව දෙවන ඉනිම ක්රීඩා කළ ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 396ක් රැස් කළ අතර, ඒ අනුව එංගලන්තයට ජයග්රහණය සඳහා ලකුණු 374ක ඉලක්කයක් හිමිවිය.
Leave a Reply