ඉන්දීය  ප්රීයමියර් ලීග තරගාවලිය යටතේ ලබන ඉරිදා පන්ජාබ් කිංග්ස් කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර ධර්ම්ශාලා පිටියේ පැවැත්වීමට නියමිත තරගය එම ක්රී ඩාංගණයේ නොපැවැත්වීමට තීරණය කර තිබේ.

ඉන්දියාවේ උතුරට වන්නට පිහිටා ඇති දර්ශනීය ක්රිතකට් ක්රීයඩාංගණයක් වන ධරම්ශාලා ක්රිතකට් පිටියේදී මෙම තරගය ලබන ඉරිදා පැවැත්වීමට නියමිතව තිබුණි.

ඉන්දු පාකිස්තාන යුද උනුසුමත් සමග මේ වන විට ධර්ම්ශාලා ගුවන් තොටුපොළ වසා දමා ඇති අතර ඒ හේතුවෙන් තරගය ඉන් ඉවත් කරන අහමදාබාද් වෙත රැගෙන යාමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් පංජාබ් කණ්ඩායම හා දිල්ලි කණ්ඩායම අතර අද දිනයේදී ධර්ම්ශාලා හි පැවැත්වීමට නියමිත තරගය සැලසුම් කළ ආකාරයෙන්ම ඉදිරියට යන බව ජාත්ය න්තර මාධ්යම වාර්තා කරයි. 

 

0 comments

Leave a Reply

Post Comment