විභව වෙළඳ ගිවිසුමක රාමුවට ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය එකඟ වී ඇති බව එක්සත් ජනපද භාණ්ඩාගාර
ලේකම්වරයා පවසයි. ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින් පිං බ්‍රහස්පතින්දා දකුණු කොරියාවේදී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. එම සාකච්ඡාවලට පෙරාතුව මෙසේ ඇමෙරිකාව හා චීනය වෙළඳ ගිවිසුමක රාමුවට එක ඟ ව තිබේ.
එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සීබීඑස් වෙත පැවසුවේ මෙයට ටික්ටොක් හි එක්සත් ජනපද
මෙහෙයුම් පිළිබඳ "අවසාන ගනුදෙනුවක්" සහ චීනයේ දැඩි දුර්ලභ ඛනිජ අපනයනයට අදාලව එකඟතා ඇතුලත් බවයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන භාණ්ඩ සඳහා පනවන ලද 100% ක තීරුබදු බලාත්මක වනු ඇතැයි
තමන් අපේක්ෂා නොකරන බවත් බවත්, චීනය එක්සත් ජනපදයෙන් සැලකිය යුතු සෝයා බෝංචි මිලදී ගැනීම් නැවත ආරම්භ කරන බවත් ඔහු පැවසීය.
Leave a Reply