තමන් එක්සත් ජනපදය හා ඊශ්‍රායලය සමඟ කරන යුද්ධයේදී මිට පෙර භාවිත නොකළ ආයුධ භාවිත කරන බව ඉරාන හමුදා ප්‍රකාශක අමීර් අක්‍රමිනියා බදාදා ප්‍රකාශ කළ අතර ඉදිරි දිනවලදී මෙම අවිආයුධ වැඩි තිව්රරත්වයකින් භාවිත කරන බවද පැවසීය.
"මෙම යුද්ධයේදී අපි මීට පෙර භාවිත නොකළ ආයුධ භාවිතා කර ඇති අතර ඉදිරි දිනවලදී අපි ඒවායින් වැඩි ප්‍රමාණයක් භාවිත කරන්නෙමු, ඒවායේ බලපෑම පිළිබඳ ප්රවෘත්ති ඔබට පෙනෙනු ඇත," ඔහු ඉරාන රූපවාහිනියට සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
ඉරානයේ ප්‍රහාරවල බර දරාගත් රටවල් දෙකක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඊශ්‍රායලයේ පදිංචිකරුවන්ට මෑතකදී ඉරාන ප්රහාරවලදී වැඩි ශබ්දයක් ඇසුණු බව වාර්තා වී තිබේ.
ඉරානය ද එහි බැලස්ටික් මිසයිල මත පොකුරු යුධ හිස් වැඩි වැඩියෙන් භාවිතා කර ඇත. ජුනි මාසයේ දින 12 ක යුද්ධයේදී ඉරානය මේවා යෙදවූවද, ඊශ්‍රායල හමුදාව පවසන්නේ ඒවා දැන් බොහෝ විට භාවිත වන බවයි.
Leave a Reply