හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක් සහ මාස තුනක සිර දඬුවමක් නියම කර තිබේ.

හිටපු නායකයා වරදකරු කර පැය කිහිපයකට පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් මෙම දඬුවම නියම කළේය.

විනිසුරුවරුන් හතර දෙනෙකු ඔහු වැරදිකරු බව තීරණය කළ අතර එක් අයෙකු ඔහු නිදහස් කිරීමට ඡන්දය දුන්නේය. බොල්සොනාරෝගේ නීතිඥයින් දඬුවම "අභූත ලෙස අධික" යැයි පවසා ඇති අතර ඔවුන් "සුදුසු අභියාචනා" ගොනු කරන බව පවසා තිබේ.

0 comments

Leave a Reply

Post Comment