දකුණු කොරියානු හිටපු ජනපති යුක් සුන් යොයෙල් යුද නීතිය ප්‍රකාශයට පත්කිරිමෙන් අනතුරුව කැරැල්ලකට නායකත්වයදීම සම්බන්ධයෙන් වරදකරු කරමින් එරට අධිකරණය විසින් හිටපු ජනපතිවරයාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළේය. මීට අමතරව බලය අවභාවිත කිරිමේ චෝදනා සම්බන්ධයෙන්ද ඔහු වරදකරු කළේය.

ඔහුට අමතරව මෙම චෝදනා යටතේම ඔහුගේ ආණඩුවේ ආරක්ෂක ඇමතිවරයාද වරද කරු කළේය මෙවුන් දෙදෙනාට අමතරව එවක රජයේ ඉහළම ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුම වරදකරු කරමින් දඩුවම් නියම කළේය.

හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොං-හ්යුන්ට වසර 30 ක සිර දඬුවමක්

හිටපු බුද්ධි අංශ අණදෙන නිලධාරී රෝ සැන්ග්-වොන්ට, වසර 18 ක සිර දඬුවමක්

හිටපු පොලිස් ප්‍රධානී චෝ ජි-හෝට, වසර 12 ක සිර දඬුවමක් 

හිටපු සෝල් මෙට්‍රොපොලිටන් පොලිස් ප්‍රධානී කිම් බොන්ග්-සික්ට, වසර 10 ක සිර දඬුවමක්

ජාතික සභාවේ පොලිස් ආරක්ෂකයින්ගේ හිටපු ප්‍රධානී මොක් හ්යුන්-ටේ, වසර 3 ක සිර දඬුවමක් නියම කර ඇත.

මෙහිදී විත්තිකරුවන්ට සතියක් ඇතුළත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව අධිකරණය පවසයි.

0 comments

Leave a Reply

Post Comment