දෙවන ලෝක යුද්ධයේදී චීනය විසින් ජපානය පරාජය කිරීමේ 80 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් චීනයේ බීජිං නුවර ජනපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති දැවැන්ත හමුදා පෙළපාලියකදී චීනයේ නවීනතම අවි ආයුධ ප්‍රදර්ශනය කළේය.  ලේසර් අවි, න්‍යෂ්ටික බැලස්ටික් මිසයිල සහ දිය යට ක්‍රියාත්මක විය හැකි විශාල ඩ්‍රෝන යානා මෙහිදී එළිදැක්වීය.

ජනාධිපති ෂී සමඟ රුසියාවේ ජනපති ව්ලැඩිමීර් පුටින් සහ උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් ඇතුළු රාජ්‍ය නායකයින් 26 දෙනෙකු මෙම පෙළපාළියට එක්වෙයි. රුසියා,චීන හා උතුරු කොරියා නායකයන් තිදෙනා ප්‍රසිද්ධියේ මුණගැසුණු පළමු අවස්ථාව මෙයයි

උත්සවයට පෙර කතා කරමින් ජනාධිපති ෂී ජින්පින් පැවසුවේ තම රට "නොනවතින" බවත් හිරිහැර කරන්නන්ට "කිසි විටෙකත් බිය ගැන්විය නොහැකි" බවත්ය

0 comments

Leave a Reply

Post Comment