යුදෙව් ජාතිකියන්ගේ සැමරුම් උත්සවයක් අතරතුර ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි බොන්ඩි වෙරළ තීරයේ සිදුවූ වෙඩි තැබිමෙන් මියගිය සංඛ්‍යාව 15ක් බවට පත්ව තිබේ. මෙසේ ජීවිතක්ෂයට පත්වූ පිරිස වයස අවුරුදු 10 සිට 87 අතර පසුවන්නන් අතර අවුරුදු 10ක ගැහැණු දරුවෙක්ද ජීවිතක්ෂයට පත්ව තිබේ.
නිව් සවුත් වේල්ස් පොලීසිය මෙම සිදුවීම ත්‍රස්තවාදී සිදුවීමක් ලෙස සලකා පරීක්ෂණ ආරම්භ කර ඇති අතර වෙඩි තැබීමට පැමිණ ඇත්තේ පියෙකු හා පුතෙකි. මෙහිදී පියා වෙඩි තැබීම සිදුවූ ස්ථානයේදී මිය ගොස් ඇති අතර ඔහු 50 වැනි වියේ පසුවන්නෙකිත 24 හැවැරිදි පුතා අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ගනිමින් සිටියි.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාට ගිනි අවි බලපත්‍ර ඇති බවත් ඔහු ගිනි අවි සමාජයක සාමාජිකයෙක් බවත් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply