පුද්ගලයන් 260ට මරු කැඳවමින් ඉන්දියාවේ එයාර් ඉන්දියා ගුවන් යානය කඩා වැටීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලට අදාළව මූලික වාර්තාව මේ වන විට නිකුත් කර තිබේ.

එහිදී සඳහන්ව ඇත්තේ ගුවන් යානයේ එංජින්වලට ඉන්ධන සැපයීම අවහිර කර තිබූ බවයි.

මේ බව සනාථ වී ඇත්තේ ගුවන් යානයේ කලු පෙට්ටියේ සඳහන්ව තිබූ ගුවන් නියමුවන් දෙදෙනොගේ හඩ පටිගත වීමකදීය.

එහිදී එක් ගුවන් නියමුවෙක් අනෙක් ගුවන් නියමුවෙකුගෙන් විමසා ඇත්තේ ගුවන් යානයේ ඉන්ධන සැපයීම විසන්ධි ක‍ළේ ඇයි යනුවෙනි. එහිදී අනෙක් ගුවන් නියමුවා පිළිතුරු දී ඇත්තේ තමන් එසේ නොකළ බවයි.

කෙසේ වෙතත් මෙහිදී කුමන ගුවන් නියමුවෙක් ප්‍රශ්න කරනවාද යනුවෙන් පැහැදිලි කිරීමක් නොමැති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. 

0 comments

Leave a Reply

Post Comment