ඉරානය සමඟ වාණිජ සබඳතා ඇති රටවල භාණ්ඩ සඳහා 25% ක තීරු බද්දක් පැනවූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳුදා ප්‍රකාශ කළේය. මේ වන විට ඉරාන රජයට ඒරෙහිව එරට ජනතාව නැගී සිටින අතර ඒය පාලනය කිරීම ​සඳහා ඉරාන රජය දැඩි මිල්ටරි ක්‍රියාමාරග ගනිමින් සිටියි.

කෙසේ වෙතත් ඇමෙරිකාව ගත් මෙම තීරණය ටෙහෙරානයට පීඩනයක් එල්ල කළ හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඉරානය සමඟ "ව්‍යාපාර කිරීම" යන්න පිළිබඳ විස්තර ඉදිරිපත් නොකර, ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ තීරු බද්ද "වහාම ක්‍රියාත්මක වන" බව පැවසීය.

චීනය ඉරානයේ විශාලතම වෙළඳ හවුල්කරුවෙක් වන අතර පසුව ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තුර්කිය සහ ඉන්දියාව  පිළිවෙළින් සිටියි.

ටෙහෙරානයඅඛණ්ඩව  විරෝධතාකරුවන් ඝාතනය කළහොත්  මිලිටරිමය වශයෙන් ඒ් ඳසහා  මැදිහත් වන බවට ට්‍රම්ප් ප්‍රකාශ කර අතර පසුව පසුව නව තීරු බදු ප්‍රකාශයට පත් කළේය.ගුවන් ප්‍රහාර ඇතුළු මිලිටරි විකල්ප තවමත් "මේසය මත" ඇති බව ධවල මන්දිර ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් සඳුදා පැවසීය.

0 comments

Leave a Reply

Post Comment