සිඩ්නි වරාය ආශ්‍රිත මුහුදු වෙරළේ මෝර ප්‍රහාරයක් එල්ල වීම නිසා එහි ගැවසෙන්නන්ට මෝරුන්ගෙන් පරිස්සම් වන ලෙසට අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.

විශේෂයෙන්ම, ආක්‍රමණශීලී මෝරුන් වඩාත් ක්‍රියාකාරී අලුයම සහ සවස් කාලයේදී ජලයට බැසීමෙන් වැළකී සිටින ලෙස පිහිනන්නන් ඉල්ලා ඇත.

ලෝරන් ඕ නීල් ලෙස නම් කරන ලද කාන්තාවක් සඳුදා සවස ප්‍රහාරයට ලක්ව ඇත්තේ එලිසබෙත් බොක්කෙහි ඉහළ නේවාසික ප්‍රදේශයේ පෞද්ගලික තොටුපළක පිහිනමින් සිටියදීය.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ, බුල් මොරෙකුගේ සපා කෑමක් ලෙස තුවාලය විශ්ලේෂණය කිරීමේදී හැඟීයන බවයි.

මෙවැනි මෝරෙකු අඩි 11.5 (මීටර් 3.5) දක්වා දිගට වැඩෙන සාමාන්‍ය විශේෂයක් වන අතර වසරේ මෙම අවස්ථාවේදී වරායේ උණුසුම් ජලයට නිතර පැමිණෙන ආගන්තුකයෙකි.

0 comments

Leave a Reply

Post Comment