ඉදිරියේදි පැසි‍ෆික් සාගර‍යේ ඇතිවීමට නියමිත මහා භූමිකම්පාවක් පි‍‍ළිබඳව ජපානය අනතුරු අඟවා ති‍බේ. මෙම භූමිකම්පාව රික්ටර් මාපකයේ 8-9අතර ප්‍රභලත්වයක් ගනු ඇතැයි ජපානය පවසයි.

ඒ හරහා ජපානයට සුනාමි තත්ත්වයක් පවා ඇතිවිය හැකි බවත් ජවිත ලක්ෂ තුනක් පමණ අහිමිව යා හැකි බවත් ජපානය පවසයි.

ජපාන රජයේ වාර්තා උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මෙම මහා භූකම්පනය ඇතිවීමේ සම්භාවිතාව සියයට 80ක් පමණ වන බවයි.

එයින් ජපාන ආර්ථිකයට සිදු වෙනු ඇතැයි ගණන් බලා ඇති පාඩුව යෙන් ට්‍රිලියන 250කට අධික වනු ඇතැයි ගණන් බලා තිබේ.  

0 comments

Leave a Reply

Post Comment