බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 60 ට වඩා පහත වැටී ඇත.

2021 පෙබරවාරි මාසයෙන් පසුව බ්‍රෙන්ට් බොරතෙල් බැරයලක මිල මේ තරම් පහ‍ළ වැටු‍ණු ප‍ළමු අවස්ථාව මෙය වෙයි.

කොවිඩ්-19 වසංගතයට පසුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් වෙනුවෙන් වාර්තා වූ පහළම අගය මෙය වෙයි.

බ්‍රෙන්ට් බොරතෙල් මිල ගෝලීය තෙල් මිලේ මිණුම් ලකුණක් ලෙස භාවිතා කරයි.

අමෙරිකාව විසින් ලෝකයේ රටවල් වෙත පැනවූ තීරු බදු හේතුවෙන් ගෝලිය වෙළඳාම සම්බන්ධයෙන් ඇතිව තිබෙන අවිනිශ්චිතතාව මේ සඳහා හේතුව වී තිබේ.

 

0 comments

Leave a Reply

Post Comment