පේරූ රාජ්‍යයෙන් පිටතට කොකේන් මත්ද්‍රව්‍ය රැගෙන යාමට උත්සාහ කළ බ්‍රිතාන්‍ය ජාතික නිරූපණ ශිල්පියෙකු හා ටික්ටොක් තරුවක අත්අඩංගුවට පත්ව තිබේ.

පසුගියදා ජෝර්ජ් චාවේස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඔහු අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු සන්තකයේ තිබී කිලෝග්‍රෑම් 2.9ක් බර කොකේන් තොගයක් සොයාගෙන ඇත.

ඒ අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වරදකරු වී ඇති ඔහුට පේරූ රාජ්‍ය තුළ වසර 6ක සහ මාස 8ක සිර දඬුවමක් නියම වී තිබේ.

0 comments

Leave a Reply

Post Comment