ඔටිස් සුළි කුණාටුව පස්වැනි ප්‍රවර්ගයේ සුළි කුණාටුවක් ලෙස දකුණුදිග මෙක්සිකෝව වෙත ඇතුළු වී ඇති බව එක්සත් ජනපද කාලගුණ ආයතනය පවසයි.

එමෙන්ම, ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානයට අනුවද සුළි කුණාටුව ජනප්‍රිය සංචාරක පුරවරයක් ලෙස සැලකෙන ඇකපුල්කෝ ප්‍රදේශය වෙතින් ඇතුළු වී තිබේ.

එසේම, මෙම සුළි කුණාටුව මගින් ඇති කරන සුළං වේගය පැයට කිලෝමීටර් 270ක් ඉක්මවා ගොස් ඇති බවද සඳහන් වෙයි.

එහිදී වෙරළබඩ ප්‍රදේශ වෙත දැවැන්ත මුහුදු රළ ඇතිවී තිබෙන අතර, ජලගැලීම්ද වාර්තා වී තිබේ.

0 comments

Leave a Reply

Post Comment