ඇමෙරිකාව හා ඊශ්‍රා යෙලය එක්ව සිදුකළ මෙහෙයුම්වලදි ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඉරාන රාජ්‍ය මාධ්‍යවිසින්ද මේ බව තහවුරු කර තිබේ. 

කමේනිගේ මරණයෙන් අනතුරුව ඉරානය රට තුළ දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. 86 හැවැරිදි වියේ පසුවූ කමේනි අවුරුදු 37ක් ඉරානයේ අධ්‍යාත්මික නායකයා වශයෙන් කටයුතු කළේය.

කමේනිට අමතරවඔහුගේ දියණියක්, දියණියක් විවහ කරගෙන සිටි සැමියෙක්, මුණුපුරෙක් හා ඔහුගේ පුතෙක් විවාහ කරගෙන සිටි බිරිදක්ද මෙම ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

 

0 comments

Leave a Reply

Post Comment