යුද්ධය අවසන් කිරීම සඳහා වූ ඇමරිකානු යෝජනාවලට ඉරානයේ ප්‍රතිචාරය "සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි" බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි..
ඉරානයේ අර්ධ-නිල තස්නිම් ප්රවෘත්ති ඒජන්සිය පැවසුවේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ඇමෙරිකාවේ යෝජනාවලට ඉරානයේ ප්‍රතිචාරය පාකිස්තානය හරහා ඇමෙරිකාවට යොමුකර ඇති බවයි.
ඉරානය යොමුකළ පිළිතුරුවල සියලු පෙරමුණු වල යුද්ධය වහාම අවසන් කිරීම, එක්සත් ජනපද නාවික අවහිර නැවැත්වීම සහ ඉරානයට තවදුරටත් ප්‍රහාර එල්ල නොකිරීම සහතික කිරීම ඇතුළත් කර ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
මෙම සතිය මුලදී, ට්‍රම්ප් නැවත නැවතත් කියා සිටියේ ඉරානයේ යුද්ධය "ඉක්මනින් අවසන්" වන බවයි.
ඉරිදා, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ටෙහෙරානයේ යෝජනාව සෘජුවම සඳහන් නොකළ නමුත් "අපි කිසි විටෙකත් සතුරා ඉදිරියේ හිස නමන්නේ නැත,
සංවාදයක් හෝ සාකච්ඡා පිළිබඳ කතා මතු වුවහොත්, එයින් අදහස් කරන්නේ යටත් වීම හෝ පසුබැසීම නොවේ." යැයි පැවැසීය.
ඉරානයේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමෙන් ප්‍රකාශ කළේ "මම ඉරානයේ ඊනියා 'නියෝජිතයන්ගෙන්' ප්‍රතිචාරය කියෙව්වා. මම එයට කැමති නැහැ - සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකිය." යනුවෙනි.
Leave a Reply