යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 50% ක තීරුබදුවක් පැනවීමට කටයුතු කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා පැවැසීය.
එසේම ඇමරිකාවේ නිෂ්පාදනය නොකරන අයිෆෝන් සඳහාද "අවම වශයෙන්" 25% ක ආනයන බද්දක් පනවන බවට ඔහු ඇපල් සමාගමට අනතුරු ඇඟවීය.
යුරෝපා සංගමයට එරෙහිව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදු වැඩි කිරීම නිවේදනය කළේ දෙපාර්ශ්වය අතර වෙළඳ සාකච්ඡා පැවැත්වීමට පැය කිහිපයකට පෙරය.
ට්‍රම්ප් පසුගිය මාසයේ බොහෝ යුරෝපා සංගම් භාණ්ඩ සඳහා 20% ක තීරුබදුවක් ප්‍රකාශයට පත් කළ නමුත් සාකච්ඡා සඳහා කාලය ලබා දීම සඳහා ජූලි 8 වන දින දක්වා එය 10% දක්වා අඩකින් අඩු කළේය.
Leave a Reply