හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය (Havelock City Mall), සිය අභිමානවත් දෙවන සංවත්සරික සැමරුම “සිනහව, සතුට සහ ප්‍රීතිය බෙදාගැනීමේ දෙවසරක්” (Two Years of Smiles, Happiness, and Shared Joy) යන තේමාව ඔස්සේ සැමරීම පසුගියදා උත්කර්සවත් අයුරින් සිදුවිය. වසර දෙකක කාලයක් පුරාවට ශ්‍රී ලාංකේය ජනතාවගේ සාප්පු සවාරි, ආහාරපාන සහ විනෝදාස්වාදය සැපයීමේ කාර්යයේ ප්‍රමුඛ ස්ථානයක් බවට පත්වූ මෙම ආයතනය, එම කාලය තුළ මෙම ගමනට සහයෝගය දැක්වූවන් අගයකිරීමද මෙහිදී සිදුවිය.

ගෙවීගිය දෙවසරක කාලය තුළ ශ්‍රී ලාංකේය සිල්ලර වෙළෙඳ ක්ෂේත්‍රය නව සංධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් වූ හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය, ජාත්‍යන්තර තලයේ මෙන්ම දේශීය ප්‍රමුඛතම සන්නාම වටා දේශීය ජනතාව එක්රැස්වන අවාකාශයක් නිර්මාණය කරලීමට සමත්විය. තවද ආකර්ෂණීය අත්දැකීම් රැසක් ලබාදීම තුළින් ගනුදෙනුකරුවන්ගේ ජීවිත වර්ධනය කරලීම සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කරමින් 'My Happy Place' යන සංකල්පයට නවමු අත්දැකීමක් ලබාදීමට සමත්ව ඇත.

මෙම සංවත්සරික සැමරුම් කාර්යෙයේ තවත් එක් අංගයක් ලෙස මෙම සාප්පුසංකීර්ණයේ පාර්ශ්වකරුවන් 135 අතරින්, විශිෂ්ටතමයන් ඇගයීම වෙනුවෙන් Havelock City Mall ‘Tenant Partner Excellence Awards 2025’ සංවිධානය කරනු ලැබූ අතර, එහිදී විකුණුම් කාර්යසාධනය, පාරිභෝගික සේවාව ආදි ඛාණ්ඩ 19ක් ඔස්සේ සම්මාන ප්‍රදානය සිදුවිය. හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේ සාර්ථකත්වය පිටුපස ඇති හවුල්කාරීත්වයේ ශක්තිය මැනවින් ප්‍රදර්ශනය කරමින් පැවැත්වූ මෙම උත්සව අවස්තාව සඳහා එහි කුලී පාර්ශවකරුවන්ගේ කළමනාකාරීත්වය, හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේ කළමනාකාරීත්වය, සහ Overseas Realty (Ceylon) PLC හි ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් ඇතුළු අරාධිතයන් රැසක්ද එක්විය.

මෙම සුවිශේෂ සන්ධිස්ථානය සම්බන්ධයෙන් Overseas Realty (Ceylon) PLC හි ප්‍රධාන විධායක නිලධාරී, ප්‍රවීර් සමරසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. “ අප මෙම සන්ධිස්ථානය සමරන විට, අපගේ සාප්පු සංකීර්ණයට පැමිණෙන පාරිභෝගිකයින්ට, සිල්ලර වෙළඳ හවුල්කරුවන්ට, සහ අනෙකුත් වෙළඳුන්ට ඔවුන්ගේ අඛණ්ඩ, නොසැලෙන විශ්වාසය සහ සහයෝගය වෙනුවෙන් මාගේ හෘදයාංගම කෘතඥතාව පුද කරමි. මෙම ගමන පුරාවටම විශිෂ්ටත්වය සහ හවුල්කාරිත්වය විදහා දැක්වූ අපගේ සියලුම සුදුසුකම් ලත් ජයග්‍රාහකයින්ට සුබ පැතීමටද මම මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නෙමි. එකට එක්ව, අප හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය කොළඹ ඇති වඩාත්ම ආදරණීය හා ප්‍රීතිමත් ගමනාන්තය, එනම් 'My Happy Place' බවට පත් කර ඇත.”

දෙවැනි සංවත්සරය සනිටුහන් කරමින්, හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය ඔක්තෝබර් 18 සහ 19 යන දෙදින පුරාවට සැමරුම් සංවිධානය කර තිබුණි. මෙහිදී 30% ක් දක්වා සුවිශේෂී වට්ටම්, වාසනාවන්ත දිනුම් ඇදීම් (වාසනාවන්තයින් 200ක් සඳහා), ජාත්‍යන්තර ආහාර සැණකෙළියක් සහ සජීවී විනෝදාස්වාද අංගයන් ඇතුළු විශේෂාංග රැසකින් සාප්පු සංකීර්ණය සතුට විනොදාස්වාදය පිරි ප්‍රීතිමත් උත්සවයක් බවට පරිවර්තනය වනු ඇත. ඊට අමතරව, හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය විසින් හැව්ලොක් සිටි මහල්හි නිවාස පදිංචිකරුවන් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ ප්‍රතිලාභ රැසක් පිරිනමන සුවිශේෂී ලොයල්ටි කාඩ්පතක් හඳුන්වා දෙනු ලැබේ.

ආරම්භයේ සිට මෙම සන්ධිස්ථානය දක්වා, හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය අර්ථවත් මතක එක්රැස් කරන, මිනිස් සබදකම් තුලින් සතුට වඩවන අත්දැකීම් නිර්මාණය කිරීමට නිරන්තරයෙන්ම කැපවී සිටියි. මෙම දෙවන සංවත්සරය යනු සෑම අමුත්තෙකුටම සිනහව, සතුට, සහ ප්‍රීතිය ගෙන ඒමේ පොරොන්දුව නැවත තහවුරු කිරීමේ අභිමානවත් සැමරුමයි.

හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය පිළිබඳව කෙටියෙන් කොළඹ නගරයේ වඩාත් ආකර්ෂණීය පරිසරයක පිහිටා ඇති හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය, ජාත්‍යන්තර සහ දේශීය සන්නාමයන්, ආහාරපාන, විනෝදාස්වාදය, සහ ප්‍රජා අත්දැකීම්වලින් සමන්විත ප්‍රමුඛ පෙළේ සිල්ලර සහ ජීවන රටා ගමනාන්තයකි. විවෘත කිරීමේ සිට, එය ශ්‍රී ලංකාවේ නාගරික නවීනත්වය සහ ප්‍රීතිමත් ජීවන රටාවේ විචිත්‍රවත් සංකේතයක් බවට පත්ව ඇත.

0 comments

Leave a Reply

Post Comment