ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) වත්මන් මට්ටමේම සියයට 7.75ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට ඊයේ (25දා) රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

දේශීය හා ගෝලීය වශයෙන් සිදුවන ප්‍රවණතා සහ ඉදිරි දැක්ම හොඳින් සලකා බැලීමෙන් පසුව මණ්ඩලය මෙම තීරණයට එලැඹ ඇති අතර, වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය උද්ධමනය සියයට 5ක ඉලක්කයක් කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මණ්ඩලයේ අදහස වී තිබේ.

0 comments

Leave a Reply

Post Comment