ශ්‍රී ලංකා මහ බැංකුවේ, "ශ්‍රී ලංකා සමාජ-ආර්ථික දත්ත - 2025" වාර්ෂික ප්‍රකාශනය මහජන පරිශීලනය සඳහා නිකුත් කර තිබේ. මෙය එම ප්‍රකාශන මාලාවේ 48 වැනි වෙළුමයි.

පහසුවෙන් පරිශීලනය කළ හැකි මෙම ප්‍රකාශනයෙහි ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වයන්, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, මිල සහ වැටුප්, විදේශ වෙළෙඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය කටයුතු, මූල්‍ය හා බැංකු යන ශීර්ෂ 14ක් යටතේ දත්ත ඇතුළත් වේ. මෙම ප්‍රකාශනය පුළුල් පරාසයක සමාජ-ආර්ථික දත්ත සංක්ෂිප්ත හා සාරාංශ ආකාරයෙන්  ඉදිරිපත් කරන බැවින්, එය ප්‍රතිපත්ති සම්පාදකයන්, පර්යේෂකයන්, ශාස්ත්‍රඥයන්, වෘත්තිකයන්, සිසුන් සහ මහජනතාව සඳහා ප්‍රයෝජනවත් ප්‍රකාශනයක් බව මහ බැංකුව පෙන්වා දෙයි.

මිල රු.100ක් වන මෙහි මුද්‍රිත පිටපත, කොළඹ 01, චැතැම් වීදීයේ, සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ලෙහි (දුරකථන අංක: 011-2444502) පිහිටුවා ඇති බෙදාහැරීමේ කවුළුවෙන් මිලදී ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

0 comments

Leave a Reply

Post Comment