නවීන පන්නයේ නවතම වාහනයක් පැදවීම තුළින් පාරිභෝගිකයාට ඉන් ලැබෙන්නේ මහත් විශ්වාසයකි. එය හුදෙක් වාහනයේ ඇති පෙනුම හෝ සුමට ක්‍රියාකාරිත්වයට සීමා වූවක් නොවේ. ප්‍රථම වරට වාහනය පැදවීමේ පටන් වාහනයේ ගෙවෙන සෑම කිලෝමීටරයකම අයිතිය තමා සතුවීමේ ආරක්ෂිත, විශ්වාසදායක සහ ආත්ම විශ්වාසයෙන් යුත් හැඟීම නිසා පාරිභෝගිකයාට ලැබෙන මානසික සන්සුන්භාවය එයට හේතුවයි. සැඟවුණු හෝ හඳුනා නොගත් දෝෂ සහගත තත්වයන් නැති, ගෙවුණු සැතපුම් ගණන (mileage) පිළිබඳ සිතා කරදර විය යුතු නැති මෙම අවස්ථාව පාරිභෝගිකයාට ලැබෙන්නේ බලයලත් නියෝජිතයෙකුගෙන් වාහනයක් මිලදී ගතහොත් පමණි.
බලයලත් නියෝජිතයෙකුගෙන් ලබාගන්නා සෑම අලුත් වාහනයක්ම අනපේක්ෂිත අලුත්වැඩියාවන් සඳහා හෝ නිෂ්පාදන දෝෂ ආවරණය කරන සම්පූර්ණ නිෂ්පාදක වගකීමක් සමඟ පැමිණෙයි. එය හුදෙක් වගකීමක් පමණක් නොවේ. එය වාහනය නිසි ගුණාත්මක කාර්ය සාධනයකින් යුතුව නිෂ්පාදනය කර ඇති බවට විශ්වාසදායක විශේෂඥ ජාලයකින් තහවුරු කරමින් පාරිභෝගිකයාට ලබාදෙන විශ්වාසනීය පොරොන්දුවකි.
බලයලත් නියෝජිතයෙකුගෙන් ලබාගන්නා අලුත් වාහනයක් අව්‍යාජ කිලෝ මීටර ගණනකින් යුත් වාහනයක් බවට සහතික කෙරෙයි. එන්ජිමේ සිට අභ්‍යන්තරය දක්වා සෑම කොටසක්ම කර්මාන්තශාලාව තුළදී නැවුම් ලෙස නිෂ්පාදනය කර තිබේ. ශ්‍රී ලාංකේය තත්ත්වයන්ට ගැලපෙන පරිදි විශේෂයෙන් නිපදවන ලද මෙම මෝටර් රථවල දේශීයකරණය කරන ලද වායු සමීකරණ (AC) සතු වේ. ශ්‍රී ලංකාවේ මාර්ගවලට හා දේශගුණික තත්වයන්ට ඔරොත්තු දෙන ලෙස මෙම මෝටර් රථ ශක්තිමත් පද්ධතියකින් හා කල්පවතින අභ්‍යන්තර විශේෂාංග සමඟින් නිර්මාණය කර තිබේ. මෙය විශ්වාසදායක, සුවපහසු ධාවනයක්, අඩු නඩත්තු පිරිවැයක් සහ නැවත විකිණීමේ දී ඉහළ විකුණුම් වටිනාකමක් පාරිභෝගිකයාට සහතික කරයි.
බලයලත් අලෙවිකරුවන්ගෙන් නව වාහනයක් මිලදී ගැනීමේ ඇති තවත් වාසියක් වන්නේ බලයලත් අලෙවිකරුවන් මෝටර් රථ නිෂ්පාදකයා සමඟ සෘජුවම ලියාපදිංචි කිරීමයි. මින් අදහස් වන්නේ වාහනයේ ජීවිත කාලය පුරාම ආරක්ෂිත ආපසු කැඳවීම් (Safety Recalls) සහ නිෂ්පාදන වැඩිදියුණු කිරීම් පිළිබඳව හිමිකරුවන්ට වහාම දැනුම් දෙන බවයි. වෙනත් මාර්ග හරහා ආනයනය කරනලද මෝටර් රථවලට මෙම දැනුම්දීම් නොලැබෙන අතර එමඟින් මගීන්ගේ ජීවිත ආරක්ෂාවට තර්ජන එල්ලවීම මෙන්ම, මෝටර් රථයේ ක්‍රියාකාරිත්වය අවදානමට ලක්වීම විය හැකිය.
බලයලත් අලෙවිකරුවන් හරහා මිලදී ගැනීම මඟින් සියලුම තීරුබදු රජයට ගෙවා ඇති මෙන්ම අදාළ ලේඛන නිසි පරිදි පවතින බවට සහතික කරයි. සියලු නීතිමය ගැටලුවලින් තොරව හිමිකාරිත්වය පාරිභෝගිකයාට ලැබේ. බලයලත් අලෙවිකරුවකුගෙන් අලුත්ම වාහනයක් මිලදී ගැනීම තුළින් විශ්වසනීයත්වයත් සහ දිගුකාලීන තෘප්තියත් ලැබේ. තවද, ඒ සමඟ පාරිභෝගිකයාට පුළුල් වගකීම් පෙළක්, නිවැරදි ආරක්ෂණ ක්‍රමවේදයක් හා දේශීය තත්වයන්ට ගැලපෙන ඉංජිනේරු තාක්ෂණයේ සහායද ලැබේ. වාහනයේ හිමිකාරීත්වය විනිවිදබවකින් යුතුව පාරිභෝගිකයාට ලැබෙන නිසා බලයලත් නියෝජිතයන්ගෙන් අලුත්ම වාහනයක් මිලදී ගැනීම සෑම ගමනක්ම සැබෑ 'මානසික සැනසීම' සමඟ මෙහෙයවන බවට සහතික කරයි.
Leave a Reply