ශ්‍රී ලංකාවේ විද්‍යුත් ප්‍රවාහන ක්ෂේත්රයේ Evolution Auto, ශ්‍රී ලංකාවේ පුළුල්තම විදුලි වාහන (EV) එකතුව පසුගියදා එළිදක්වන ලදී.
Evolution Auto සමාගමේ මෙම සුඛෝපභෝගී EV රථ හඳුන්වා දීමේ අවස්ථාවේ දී, AVATR, XPENG, IM Motors, Riddara by Geely සහ KYC ඇතුළු සුවිශේෂී පරාසයක ඇති ගෝලීය වෙළඳ නාමයන් ගණනාවක් ද වෙයි.
මෙම නවීන විද්‍යුත් වාහන එකතුවට අයත් වූ, Changan, Huawei සහ CATL එක්ව නිර්මාණය කරන ලද සුඛෝපභෝගී SUV රථයක් වන AVATR-11, හැඩකාර නිමාවක් සහ සුවිශේෂී විශේෂාංග සමග, ස්මාර්ට් තාක්ෂණය ඒකාබද්ධ කොට නිමවා තිබේ. Volkswagen, Foxconn සහ Alibaba සමාගම් වල සහයෝගීතාවෙන් නිර්මාණය වූ XPENG G6, මේ වන විට ගෝලීය වෙළෙඳ පොළ 60කට අධික ප්‍රමාණයක ආධිපත්‍ය පතුරුවා ඇත.
මෙම රථ මාදිලි Crab Mode, Rainy Night Mode සහ dynamic driver interfaces වැනි AI-තාක්ෂණයන්ගේ සහායෙන් බලගැන්වෙන නවීනතම විශේෂාංගයන්ගෙන් ද සමත්විතය.
එසේම, Evolution Auto විද්‍යුත් රථ පෙළගැස්ම ඔස්සේ, Geely Holding Group විසින් නිර්මාණය කර තිබෙන ශ්‍රී ලංකාවේ පළමු PLV රථය (Performance Lifestyle Vehicle) වන Riddara RD6 ද මෙහිදී එළිදක්වන ලදී.
දිවයින පුරා විශ්වසනීයව විද්‍යුත් වාහන හඳුන්වා දීම, අලෙවිය සහ සේවය සඳහා තම ආයතනය දක්වන කැපවීම සවිබල ගන්වමින්, Evolution Auto, කුරුණෑගල, මහනුවර සහ මාතර නගර වල ස්ථාපනය කළ සිය හවුල්කාරිත්වයන් ඔස්සේ පාරිභෝගික සේවාව ලබා දීමට කටයුතු යොදා ඇත. එසේම සිය පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් සහ පහසු ප්‍රවේශයක් ලබා දීමට රට පුරා ව්‍යාප්ත වීමට ද Evolution Auto සැලසුම් සකස් කරමින් සිටී. ඒ අතරම, තමන්ගේ වාහන මාදිලි සියල්ලක්ම සඳහා අලෙවියෙන් පසු දිවයින පුරා විශිෂ්ට සේවාවක් ලබා දීම සඳහා, Evolution Auto ආයතනය, Sterling Aftercare සමග හවුල්කාරීත්වයකට ද එළැඹ තිබේ.
එහිදී අදහස් දැක්වූ Evolution Auto සමූහ ප්‍රධාන විධායක නිලධාරි මහතා විරාන් ද සොයිසා මහතා පවසා සිටියේ “වඩාත් තිරසාර සහ නවීන තාක්ෂණයෙන් වැඩි දියුණු කළ රථවාහන අනාගතයක් කරා යන ගමනේ සන්ධිස්ථානයක් මෙම වාහන නිකුතුවත් සමග සනිටුහන් කරනු ලබන බවයි.
ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්ව තිබෙන නව විද්‍යුත් වාහන මාදිලි 7 ක් වෙළෙඳ පොළට නිකුත් කරමින් දෛනික ප්‍රවාහන කටයුතු වල සිට වාණිජ ප්‍රවාහන අවශ්‍යතා මෙන්ම සුඛෝපභෝගී රථවාහන විසඳුම් යන සියලු ප්‍රවාහන ක්ෂේත්‍ර ආවරණය කරන Evolution Auto ආයතනය, විවිධත්වයක් සහිත විද්‍යුත් වාහන රටට සමීප කළ විශාලතම සමාගම බව ආඩම්බරයෙන් කිරීමට හැකි බවද හෙතෙම” වැඩිදුරටත් පවසා සිටියේය.
Leave a Reply